28 January 2013

2013 වර්ෂයේ 1 වාරයේ පාසල් සංවර්ධන - සමිති රැස්වීම

       2013 වර්ෂයේ පාසල් සංවර්ධන සමිතියේ (පාසල් නගා සිටුවීමේ කමිටු රැස්වීමේ ) පළමු රැස්වීම 2013-01-22 වැනි අගහරැවාදා ප.ව.1.30ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ. විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් දෙසිය පනස් දෙනෙක් පමණ සහභාගී වූහ.
      එහිදී පසුගිය වර්ෂයේ අයවැය ලේඛනය සභා සම්මත කර ගත් අතර 2013 වර්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද දෙමාපියන් සමග සාකච්ඡා කොට අවශ්‍ය තීරණ ගන්නා ලදී.විශේෂයෙන් ද්විතියික පාසල් සදහා පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදානය හා පාසල් සංවර්ධන හා නඩත්තු මූල්‍ය ප්‍රදානය හා මුදල් භාවිතා කොට ප්‍රජා දායකත්වය ලබාගෙන පාසල් ගොඩනැගිලි මනා තත්වයෙන් පවත්වා ගැනීම සදහා ගතයුතු පියවර පිළිබද සාකච්ඡා කෙරිණි.එහිදී සියලුම කටයුතු වලදී තම ශ්‍රමදායකත්වය ලබා දීමට දෙමව්පියෝ එකග වූහ.
ඒ හැරෙන්නට පසුගිය වර්ෂයේ පාසල් සංවර්ධන සමිතියේ ඉදිරි මුදල් යොදාගෙන පාසල් දරැවන්ගේ ප්‍රයෝජනය සදහා බහු මාධ්‍ය ප්‍රක්ෂෙපණ උපකරණයක්(Multi  Media Projector ) ලබා ගැනීම සුදුසු බව යෝජනා ස්ථීර කෙරිණි.
         දෙමාපියන්ගේ හා ආචාර්ය මණඩලයේ විවිධ අදහස් යෝජනා සාකච්ඡා‍ කොට සුදුසු තීරණ ගැනීමෙන් පසු ප.ව.4.00 ට පමණ රැස්වීමේ කටයුතු අවසන් විය.


16 December 2012

E-mail address to every teacher in our School



IT club of our school has created e-mail addresses to each and every member of our school’s academic staff. Those were presented to them in 07th of December.

 

07 December 2012

School Function of Distributing Text Books


Our school’s function of distributing text books to the students was held on 06th December 2012 at school main hall with the participation of Principal Mrs.S.W Kalyanawathie and other senior school teachers. Every year government gives text books to the school children without charge.