Our School





 

පාසලේ පරමාර්ථ හා අරමුණු
           
    • සමගිය සහයෝගීතාවය අගයන දුරාචාරයෙන් තොර සමානාත්මතාවය සුරකින සිසු දරු දැරියන් පිරිසක් බිහි කර දීම.
    •  ප‍්‍රදේශයට ගුණගරුක විනය ගරුක නීති ගරුක මනා පෞරුෂයකින් හෙබි සංවේදී පරිසර හිතකාමී සිසු පරපුරක් රටට දායාද කිරීම.
    • අධ්‍යාපනය හා හැදියාව තුළින් ප‍්‍රදේශයේ කීර්තිමත් පාසලක් ලෙස නම් කිරීමට ඉඩ සැලසීම.
    • ඉගෙනුම් අත්දැකීම් ලබමින් අර්ථාන්විතව අනාවරණයෙන් තමාගේ අනාගතය සාර්ථක කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථා ලබා දීම. 

පාසලේ ආරම්භය හා පරිසරය

මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මැතිඳුන් 1949 මහා ගොවි ජනපද ව්‍යාපාර යටතේ දිගාමඩුලූ ජනතාවට ගල්ඔය දියවර උරුම කර දුන්නේය. එහි ඵල නෙළන දිගාමඩුලූ දුවා දරුවන්ට තම ඥාණප‍්‍රදීපය දල්වන්නට 1953-04-30 දින මණ්ඩූර් අංක 19 රජයේ මිශ‍්‍ර පාසල ආරම්භ කලේය.ඒ වත්මන් අම්/මල්වත්ත තිස්සපුර මහා විද්‍යාලයයි.අංක 19 ජනපදයේ සමගම් ශාලාවේ සිසුන් අසූ දෙනෙකුගෙන් පාසල ඇරඹුණි.ආරම්භක විදුහල්පති තුමන් වූයේ ඊ.එස් ආරච්චි මහතාය.ආර්ථික පීඩාවලින් ද කුරීරු යුද්ධයෙන් ද බැට කමින් පුරා දශක පහකට වැඞ් කාලයක් අධ්‍යාපනයේ නිම් වළලූ පුළුල් කරන්නටත් විවිධ වූත් සුවිශේෂ වූත් ජයග‍්‍රහණ ලබා ගන්නටත් මල්වත්ත තිස්සපුර දරුවෝ වාසනාවන්ත වූහ.ඒ අතර 2000 වර්ෂයේ ලබාගත් ඞ්ස්කවරි පළාත් අනුශුරතාවය මෙන්ම 2004 සමස්ථ ලංකා පාසල් නැටුම් හා මුදාා නාට්‍ය තරගයේ කණිෂ්ඨ අංශය ප‍්‍රථම ස්ථානය ලබා ගැනීම පාසලේ සංධිස්ථානයක් සනිටුවහන් කළේය. මීට අමතරව තවත් විශේෂ වූ ජයහග‍්‍රහණ බොහෝමයක් අත්පත් කර ගත්හ.පසුකල මේ සියළු මන් සළකුණු ඉදිරි පෙර ගමනට පුනරාවලෝකයක් කර ගනිමින් දිනෙන් දින දියුණු වන වැඩ ලෝකයට උදාර ගුණ නුවණින් යුතු පිරිසක් මේ බිමෙන් බිහිකිරීම පරමාර්ථයයි.