20 October 2016

ලෝක ගුරු දිනය 2016

ලෝක ගුරු දින සැමරුම් උළෙලක් අප විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය සංවිධානය කර තිබුණි.එය ඔවුනගේ තනි උත්සාහයක් ලෙස ඉතාමත් ගාම්භීර ලෙස සංවිධානය කර තිබුණි.
වේදිකාවේ ඩිජිටල් පසුතලය හා ඔවුන් ගුරුභවතුන්ට ප්‍රදානය කල පුස්තකය කාගේත් පැසසුමට ලක්විය.මෙහි ප්‍රධාන ආරාධිත ගුරු මෑණියන් වූයේ විශ්‍රාමික විදුහල්පතිනී එස්.ඩබ්ලිව් කළ්‍යාණවතී මැතිණියයි.











ලෝක ළමා දිනය 2016

පසුගිය ඔක්තෝඹර් 01 වැනිදාට යෙදුනු ලෝක ළමා දිනය අප විද්‍යාලයේදී ඔක්තෝඹර් 04 දින සමරනු ලැබීය.උදෑසනම අප විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පතිතුමන්ගේ දේශනයක්ද දරුදැරියන් වෙනුවෙන් විවිධ ක්‍රීඩාද විවිධ සංග්‍රහද පැවැත්වුනි.අප ගුරු භවතුන් ඉදිරිපත් කල නාට්‍යය අප සියලු දෙනාගේම සිත් ගත් අංගයක් විය.















තොරතුරු තාක්ෂණ තරගාවලිය

අම්පාර කලාප සිසු ගුරු තොරතුරු තාක්ෂණ තරගාවලිය පසුගියදා කලාප තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.





ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීම 2016






07 June 2016

පරිසර නියමු ඒකකයට නිල ලාංඡන පැළඳවීම.

අම්පාර මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලයේ ස්ථානභාර නිලධාරී හා පාසල් පරිසර නියමු සම්බන්ධතා නිළධාරී U.M පුෂ්පකුමාර මහතා සමගින් පාසලේ විදුහල්පතිගේ සහභාගිත්වයෙන් වර්ෂ 2016 ක් වූ මැයි මස 17 වන දින පරිසර නියමු ඒකකයේ සිසු සිසුවියන්ට රජත වර්ණ හා හරිත වර්ණ නිල ලාංඡන පැළදවීම පාසලේදී සිදුකෙරිණි. එයට පාසලේ ගුරුවරු හා දෙමව්පියන් ද එක්ව සිටියහ.

15 March 2016

පෙරදුරු හරසර 2016


නිවාසාන්තර ක්‍රිඩා 2016

2016 නිවාසාන්තර ක්‍රිඩා උළෙල අති උත්කර්ෂවත් ලෙස 2016.02.25 දින විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි,මෙහිදීපැවැති සංස්කෘතික ප්‍රසංගය කාගේත් සිත්ගත් අංගයක් විය.
පරවි,මයුර හා තිසර නිවාස අතුරින් තිසර නිවාසය ශූරයන් බවට පත් විය.


04 January 2016

2016 නව පාසල් වාරය

2016 නව වසරේ අප පාසල තව තවත් ජයග්‍රහණ ලබමින් ඉදිරියටම යාමට බලාපොරොත්තු වෙමු.
ඔබ සියලුදෙනාටම ජයග්‍රාහි නව වසරක් වේවා!