09 November 2015

සාහිත්‍ය උළෙල 'මල් පිපුණු අහස යට' 2015




විද්‍යාලයීය සාහිත්‍ය උළෙල මෙවරත් 'මල් පිපුණු අහස යට' නමින් අතිඋත්කර්සවත් ලෙස පැවැත්විණි.මෙහිදී සිසු නිර්මාණ කුසලතා සහිත සාහිත්‍ය සඟරාවද සිසුන්ගේ ස්වනිර්මණ වූ කෙටි කතා,රචනා හා කවි සංග්‍රහ ආදී ග්‍රන්ථ කීපයක්ද එළි දැක්වුණි.මෙය නර්තන අංශයේ අංග හා සංගීත අංශය එක්ව වර්ණවත් කළේය.
මෙහි විශේෂම අංගය වූයේ ප්‍රවීන රංගන ශිල්පීන් යුගලක් වන රොඩ්නි වර්ණකුල මහතා හා ආනන්ද අතුකෝරල මහතා එක්ව ඉදිරිපත් කළ නාට්‍ය රසවින්දන වැඩසටහනයි.එය ඉගැනීම් අංශයෙන්ද විනෝදාත්මක අංශයෙන්ද ඉතා වැදගත් විය.මේ සඳහා විශාල පිරිසක් එක් වූ අතර විවිධ පිරිස් නන් අයුරින් මෙය සාර්ථක කර ගැනීමට උපකාරී විය.