26 June 2015

2015 ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදීම

2015 ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදීමේ උත්සවය චාම්ව හා ගාම්භීර ලෙස පැවැත්විණි,මේ සදහා ප්‍රධාන ලෙස විශ්‍රාමික විදුහල්පතිතුමන් වූ ජයසේන මැතිතුන් හා විද්‍යාලයේ විදුහල්පතිතුමිය සහභාගී විය.ගුරු මණ්ඩලයද ශිෂ්‍ය නායක නායිකාවන්ගේ දෙමාපියන්ද මේ අවස්ථාවට එක් විය.

නිස්තර සඟරාව

පාසලේ තොරතුරු තාක්ෂණ සමාජය විසින් එක් පාසල් වාරයකට එක් සඟරාවක් ලෙස කාලීනව වැදගත් තොරතුරු හා තාක්ෂණික තොරතුරු ඇතුළත් සඟරාවක් එළි දක්වයි.දැනට මෙහි කලාප 2ක් එළි දක්වා ඇත.ඔබටත් මේ සඳහා දායක විය හැක.ඔබගේ ලිපි අප විද්‍යුත් ලිපිනයට(info@malwaththathissapura.com) යොමු කරන්න.