09 November 2015

සාහිත්‍ය උළෙල 'මල් පිපුණු අහස යට' 2015




විද්‍යාලයීය සාහිත්‍ය උළෙල මෙවරත් 'මල් පිපුණු අහස යට' නමින් අතිඋත්කර්සවත් ලෙස පැවැත්විණි.මෙහිදී සිසු නිර්මාණ කුසලතා සහිත සාහිත්‍ය සඟරාවද සිසුන්ගේ ස්වනිර්මණ වූ කෙටි කතා,රචනා හා කවි සංග්‍රහ ආදී ග්‍රන්ථ කීපයක්ද එළි දැක්වුණි.මෙය නර්තන අංශයේ අංග හා සංගීත අංශය එක්ව වර්ණවත් කළේය.
මෙහි විශේෂම අංගය වූයේ ප්‍රවීන රංගන ශිල්පීන් යුගලක් වන රොඩ්නි වර්ණකුල මහතා හා ආනන්ද අතුකෝරල මහතා එක්ව ඉදිරිපත් කළ නාට්‍ය රසවින්දන වැඩසටහනයි.එය ඉගැනීම් අංශයෙන්ද විනෝදාත්මක අංශයෙන්ද ඉතා වැදගත් විය.මේ සඳහා විශාල පිරිසක් එක් වූ අතර විවිධ පිරිස් නන් අයුරින් මෙය සාර්ථක කර ගැනීමට උපකාරී විය.









17 October 2015

ලෝක ළමා දිනය 2015

ලෝක ළමා දිනය වෙනුවෙන්  විවිධ ක්‍රීඩා සංවිධානය කල අතර සියලු සිසුන්ට අයිස්ක්‍රීම් ලබා දුනි.සවස් යාමයාමයේ ඔවුනට හරවත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන ලද අතර සිස්‍ය්න් මෙම දවස  පුරා ඉතාමත් සොම්නසින්  ගත කළහ.

26 June 2015

2015 ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදීම

2015 ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදීමේ උත්සවය චාම්ව හා ගාම්භීර ලෙස පැවැත්විණි,මේ සදහා ප්‍රධාන ලෙස විශ්‍රාමික විදුහල්පතිතුමන් වූ ජයසේන මැතිතුන් හා විද්‍යාලයේ විදුහල්පතිතුමිය සහභාගී විය.ගුරු මණ්ඩලයද ශිෂ්‍ය නායක නායිකාවන්ගේ දෙමාපියන්ද මේ අවස්ථාවට එක් විය.

නිස්තර සඟරාව

පාසලේ තොරතුරු තාක්ෂණ සමාජය විසින් එක් පාසල් වාරයකට එක් සඟරාවක් ලෙස කාලීනව වැදගත් තොරතුරු හා තාක්ෂණික තොරතුරු ඇතුළත් සඟරාවක් එළි දක්වයි.දැනට මෙහි කලාප 2ක් එළි දක්වා ඇත.ඔබටත් මේ සඳහා දායක විය හැක.ඔබගේ ලිපි අප විද්‍යුත් ලිපිනයට(info@malwaththathissapura.com) යොමු කරන්න.