08 June 2014

සිල් වැඩසටහන

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් අප පාසලේ සිල් වැඩසටහන 13 වැනි අගහරුවාදා දින විද්යාලයේදී පැවැත්විණි.

වොලිබෝල් සමස්ථ ලංකා තරග

පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන පළාත් ක්රීඩා තරගාවලියේ වොලිබෝල් තරග වල 15න් පහල පළාත් ශූරතාවයද 19න් පහල පළාත් අනු ශූරතාවයද දිනා අප පාසලේ එම කණ්ඩායම් දෙක සමස්ථ ලංකා තරග සඳහා සුදුසුකම් ලැබීය.මොවුන් පිළිගැනීමට උත්සවයක් අප පාසලේ පසුගියදා පැවැත්විණි.

ලෝක පරිසර දිනය

ජූනි 05 වැනිදාට යෙදී තිබූ ලෝක පරිසර දිනය නිමිත්තෙන් අප පාසලේ පරිසර නියමු කණ්ඩායම භාර ආචාර්යතුමා සහ සිසු දරුවන් ඔසු උයනක් ආරම්භ කල අතර ඊට එක් වූ අම්පාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂතුමා දේශනයක්ද ඉදිරිපත් කලේය.