22 December 2014

වාර්ෂික කුසලතා සම්මාන ප්‍රදානෝත්සවය




ඉහත උත්සවය 2014 වසරේ වාර අවසාන දින එනම් 2014.12.05 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලවේදී පැවැත්වුනි.මෙය ඉතා චාම්වත් ගාම්බීර ආකරයටත් විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර පැවැත්වුනි.මෙහිදී විෂය මට්ටමින් හා පන්ති මට්ටමින් ප්‍රථම,දෙවන හා තෙවන ස්ථාන ලබා ගත් සිසු සිසුවියෝ සහතික පත් හ තෑගි ලබා ගත්හ.මීට අමතරව ක්‍රීඩා අංශයේ විශේෂ දක්ෂතා දැක්වූවන්ටද තෑගි හිමි විය.මෙය මින් ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වන බව විදුහල්පතිතුමිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේය.
සම්මානලාභී සිසු සිසුවියෝ පෙරහැරකින්  ප්‍රධාන ශාලාවට කැඳවාගෙන පැමිණියේය.
 




16 October 2014

ලෝක ළමා දිනය

ඔක්තෝබර් 1 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය අප විද්‍යාලය ප්‍රාථමික සිසුන්ට ළමා චිත්‍රපටයක්ද අනෙක් සිසුන්ට විනෝද ක්‍රිඩා තරගද පවත්වමින් සමරනු ලැබීය.

21 September 2014

ගරු  පෝද්දිවල  චන්දානන්ද ස්වාමීන්වහන්සේ සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා අප පාසලට පැමිණ ජල ටැන්කියක් සහ ක්‍රීඩා උපකරණ ලබා දුනි.




08 June 2014

සිල් වැඩසටහන

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් අප පාසලේ සිල් වැඩසටහන 13 වැනි අගහරුවාදා දින විද්යාලයේදී පැවැත්විණි.

වොලිබෝල් සමස්ථ ලංකා තරග

පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන පළාත් ක්රීඩා තරගාවලියේ වොලිබෝල් තරග වල 15න් පහල පළාත් ශූරතාවයද 19න් පහල පළාත් අනු ශූරතාවයද දිනා අප පාසලේ එම කණ්ඩායම් දෙක සමස්ථ ලංකා තරග සඳහා සුදුසුකම් ලැබීය.මොවුන් පිළිගැනීමට උත්සවයක් අප පාසලේ පසුගියදා පැවැත්විණි.

ලෝක පරිසර දිනය

ජූනි 05 වැනිදාට යෙදී තිබූ ලෝක පරිසර දිනය නිමිත්තෙන් අප පාසලේ පරිසර නියමු කණ්ඩායම භාර ආචාර්යතුමා සහ සිසු දරුවන් ඔසු උයනක් ආරම්භ කල අතර ඊට එක් වූ අම්පාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂතුමා දේශනයක්ද ඉදිරිපත් කලේය.

02 March 2014

නිවාසාන්තර ක‍්‍රීඩා උළෙල 2014

2014 අප විද්‍යාලීය නිවාසාන්තර ක‍්‍රීඩා උළෙල අති උත්කර්සවත් ලෙස විද්‍යාලීය ක‍්‍රීඩා පිටියේදී 2014.02.25 දින පැවැත්වුණි. ආරාධිත අමුත්තන් ඇතුළු ප‍්‍රදේශයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණි.සමාප්ති උළෙල මනරම් සන්දර්සනයන්ගෙන් වර්ණවත් විය. දෙරණ,ගගන,සයුර යන නිවාස තුනෙහි නිවාස ඉදිකිරීම් සැමගේ ප‍්‍රසංශාවට ලක් විය.2014 නිවාසාන්තර ක‍්‍රීඩා උළෙලේ ශූරයන් ලෙස දෙරණ නිවාසය පත් විය.