එහිදී පසුගිය
වර්ෂයේ අයවැය ලේඛනය සභා සම්මත කර ගත්
අතර 2013 වර්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද දෙමාපියන් සමග සාකච්ඡා කොට අවශ්‍ය තීරණ
ගන්නා ලදී.විශේෂයෙන් ද්විතියික පාසල් සදහා පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්රදානය
හා පාසල් සංවර්ධන හා නඩත්තු මූල්‍ය ප්රදානය හා මුදල් භාවිතා කොට ප්‍රජා දායකත්වය
ලබාගෙන පාසල් ගොඩනැගිලි මනා තත්වයෙන් පවත්වා ගැනීම සදහා ගතයුතු පියවර පිළිබද
සාකච්ඡා කෙරිණි.එහිදී සියලුම කටයුතු වලදී තම ශ්‍රමදායකත්වය ලබා දීමට දෙමව්පියෝ එකග
වූහ.
ඒ හැරෙන්නට
පසුගිය වර්ෂයේ පාසල් සංවර්ධන සමිතියේ ඉදිරි මුදල් යොදාගෙන පාසල් දරැවන්ගේ ප්‍රයෝජනය
සදහා බහු මාධ්‍ය ප්රක්ෂෙපණ උපකරණයක්(Multi Media Projector ) ලබා ගැනීම
සුදුසු බව යෝජනා ස්ථීර කෙරිණි.
දෙමාපියන්ගේ
හා ආචාර්ය මණඩලයේ විවිධ අදහස් යෝජනා සාකච්ඡා කොට සුදුසු තීරණ ගැනීමෙන් පසු
ප.ව.4.00 ට පමණ රැස්වීමේ කටයුතු අවසන් විය.