25 June 2013

නායකත්ව පුහුණු කඳවුර 2013


්/මල්වත්ත තිස්සපුර මහ විද්‍යාලයේ එහි පෝෂක පාසල් වන සුහදගම සහ සියඹලාවැව විද්‍යාල වල ශිෂ්‍ය නායක නායිකාවන් පුහුණු කිරීමේ නේවාසික  වුරක් අ්/මල්වත්ත තිස්සපුර මහ විද්‍යාලයේ හිටපු ආචාර්ය නීතීඥ ගුණතිලක අලගියවන්න මහතාගේ උපදේශකත්වයෙන් 2013-05-31 දින සිට 2013-06-03 වන දින දක්වා ්/මල්වත්ත තිස්සපුර මහ විද්‍යාලයේදී පැවැත්වුණි.මෙයට සිසු දරු දැරියන් 60 දෙනෙකු සහභාගී වුණි.

ඉතාම සාර්ථකව පැවති මෙම නායකත්ව පුහුණු කවුර සදහා අප විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් ආහාර පාන සහ අනෙකුත් පහසුකම් සපයමන් මෙයට පූරණ සහය දක්වන ලදී.

මෙම 2013 නායකත්ව පුහුණු කවුර අවසාන දින අ්/මල්වත්ත තිස්සපුර මහ විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ විශේෂ ආරාධනයෙන් අම්පාර කලාප අධ්‍යක්ෂතුමන් වන සුනිල් ගුණතිලක මහතා මේ සදහා සහභාගී විය.

තම කල්ප පාසෙල්ත් තමන්ගත් දියුණුව කරා මෙහෙයවා ගන්නා අයුරු තමන් මෙම නායකත්ව පුහුණු කවුර අවසානය අවබධ කරගත් බව මෙයට සහභාගී වූ ශිෂ්‍ය නායක නායිකාවන් සියල්ලෝම කියා සිටියේය.

කල්පමය වෙනස මල්වත්ත තිස්සපුර මහ විද්‍යාලයේ අප අපගේ ශිෂ්‍ය නායක නායිකාවන් තුලින් නායකත්ව පුහුණු කවුරට පසු දින සිටම දකිමින් පවතී.එය මෙම නායකත්ව පුහුණු කවුර සාරථකත්වයට හොදම උදාහරණයකි.


මෙම නායකත්ව පුහුණු කවුර 2013 වැඩසටහන පහතින් ඹබට නැරඹය හැකිය.

31 March 2013

2013 උහන කොට්ටාශ වොලිබෝල් තරගාවලියේ ජයග‍්‍රහණ


 
 

2013 උහන කොට්ටාශ වොලිබෝල් තරගාවලියේ ජයග‍්‍රහණ ලබා ගැනීමට අප විද්‍යාලයේ 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම් සමත් විය

15 February 2013

සිහිනයක් සැබෑවීම


2013 වසරේ පළමු පාසල් සංවර්ධන සමිතියේ දී යෝජනා වූ පරිදි බහු මාධ්‍ය  සම්පේෂණ උපකරණයක්(Multimedia Projector) මිලට ගැනීමට අප විද්‍යාලය සමත් විය.මේ සදහා පාසල් සංවර්ධන සමිතියද පාසලේ දියුණුව කැමති පුද්ගලයන්ද සහයෝගය දැක්වීය.


මෙම උපකරණයෙන් වන කාර්යය පිළිබද පාසලේ සිසු දරැවන්ට අවබෝධයක් ලබා දීම පිණිස ඔවුන්ට වැදගත් වන වැඩ සටහන මෙම උපකරණය භාවිතයෙන් පාසලේ ප්‍රධාන ශාලාවේදී ප්‍රදර්ශනය කෙරැණි.


28 January 2013

2013 වර්ෂයේ 1 වාරයේ පාසල් සංවර්ධන - සමිති රැස්වීම

       2013 වර්ෂයේ පාසල් සංවර්ධන සමිතියේ (පාසල් නගා සිටුවීමේ කමිටු රැස්වීමේ ) පළමු රැස්වීම 2013-01-22 වැනි අගහරැවාදා ප.ව.1.30ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ. විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් දෙසිය පනස් දෙනෙක් පමණ සහභාගී වූහ.
      එහිදී පසුගිය වර්ෂයේ අයවැය ලේඛනය සභා සම්මත කර ගත් අතර 2013 වර්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද දෙමාපියන් සමග සාකච්ඡා කොට අවශ්‍ය තීරණ ගන්නා ලදී.විශේෂයෙන් ද්විතියික පාසල් සදහා පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදානය හා පාසල් සංවර්ධන හා නඩත්තු මූල්‍ය ප්‍රදානය හා මුදල් භාවිතා කොට ප්‍රජා දායකත්වය ලබාගෙන පාසල් ගොඩනැගිලි මනා තත්වයෙන් පවත්වා ගැනීම සදහා ගතයුතු පියවර පිළිබද සාකච්ඡා කෙරිණි.එහිදී සියලුම කටයුතු වලදී තම ශ්‍රමදායකත්වය ලබා දීමට දෙමව්පියෝ එකග වූහ.
ඒ හැරෙන්නට පසුගිය වර්ෂයේ පාසල් සංවර්ධන සමිතියේ ඉදිරි මුදල් යොදාගෙන පාසල් දරැවන්ගේ ප්‍රයෝජනය සදහා බහු මාධ්‍ය ප්‍රක්ෂෙපණ උපකරණයක්(Multi  Media Projector ) ලබා ගැනීම සුදුසු බව යෝජනා ස්ථීර කෙරිණි.
         දෙමාපියන්ගේ හා ආචාර්ය මණඩලයේ විවිධ අදහස් යෝජනා සාකච්ඡා‍ කොට සුදුසු තීරණ ගැනීමෙන් පසු ප.ව.4.00 ට පමණ රැස්වීමේ කටයුතු අවසන් විය.